April 27, 2024

"මම එදා මහින්දට කිව්වා මුගාබේ මග යන්න එපා මැන්ඩෙලා ගිය මග යන්න කියලා - ඒත් ඇහුවේ නෑ"

November 25, 2020

"ඔබ අද මෙතනට පැමිණ තිබෙන්නේ ඉතිහාසගත වැඩක් කරලා. ඒ නිසා ඔබ මුගාබේ ගිය පාරේ යන්න එපා, නෙල්සන් මැන්ඩෙලා ගිය පාරේ යන්න." යැයි තමා 2009 වර්ෂයේ යුද්ධය නිමා කොට එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සඳහන් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කරන ලදී.

එහෙත් අවාසනාවකට මහින්ද රාජපක්ෂ මහතා මැන්ඩෙලා ගිය මග තෝරා නොගත් බව සඳහන් කරන කිරිඇල්ල මහතා සිය බලය තහවුරු කර ගැනීමට 18 වන ව්‍යවස්ථාව ගෙන ඒම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන්ට පහරදීම, ඒ නිසා මාධ්‍යවේදීන් රට හැර යාම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, වෘත්තිය සමිති නායකයන්ට පහර දීම ආදී කටයුතු සදහා මහින්ද රාජපක්ෂ රජය යොමු වූ බව ද බවද සඳහන් කරන ලදී.

චීනය සමඟ ගනුදෙනු කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි ප්‍රශ්න කරන කිරිඇල්ල මහතා චීනය ලබා ගන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලින් 1.5% ක් බවත් යුරෝපීය 60% ක් ලබා ගන්නා බවත් සඳහන් කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 25 November 2020 11:44