May 10, 2024

දිලීප් වෙදආරච්චිගේ අමු මාළු කෑම ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට

November 18, 2020

හිටපු ධීවර කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය වන දිලීප් වෙදආරච්චි මහතා විසින් ඊයේ (17) දිනයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු කමින් පවසා සිටියේ කොරෝනා නිසා මාළු කෑමට බිය නොවිය යුතු බවයි.

ඔහුගේ මෙම මාළු කෑම බොහෝ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ද සිය පුවපත් අතර පළ කර තිබුණි. ඒ අතර CNN, Reuters වැනි පුවත් සේවාවන්ද විය.

මෙම සිදුවීම වාර්තා කරමින් එම මාධ්‍ය පවසා තිබුණේ මෙරට පවතින කොරෝනා තත්ත්ව හේතුවෙන් ධීවරයන්ට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් හිටපු අමාත්‍යවරයෙකු විසින් අමු මාළු කමින් ජනතාවට මාළු මිලදී ගැනීම සඳහා දිරිමත් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස බවයි.

සැබැඳි පුවත්,

මාළු මුදලාලි කෙනෙක් වූ හිටපු ධිවර රාජ්‍ය ඇමති මාළු අමුවෙන්ම කා පෙන්වයි (VIDEO)

Rate this item
(1 Vote)