May 20, 2024

"මේ වරායන් ලොක්ඩවුන් කරන්න නැත්නම් රටම අවදානමේ" - දිලීප් වෙදආරච්චි

අද (23) පාර්ලිමේන්තුවේ දී කොරෝනා වසංගතය පිළිබඳව විවාදයේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි සිය කතාවේ දී ප්‍රකාශ කර සිටියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය මඟින් රටටම කොරෝනා වසංගතය ව්‍යාප්ත විය හැකි බවයි.

ඔහු සිය කතාව තුළ දී සඳහන් කර සිටියේ මෙරට ධීවර වරායන් 21ක් ඇති බවත් එම වරායන් 21න් දිනකට ලොරි රථ 500ක් පමණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණෙන බවයි.

එමෙන්ම මෙම රථවලින් පැමිණෙන ව්‍යාපාරිකයන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණෙන නැවත තම වරායන් වෙතට යන බව පවසන මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා එමඟින් කොරෝනා වසංගතය එම වරායන්වලටද යාමට ඉඩ ඇති බවයි.

එමෙන්ම රටේ විවිධ ප්‍රදේශවලින් ව්‍යාපාරිකයන් මත්ස්‍යයන් මිලදී ගැනීම සඳහා මෙම වරායන් 21කට මෙන්ම ඊට අනුබද්ධිත වරායන්වලට පැමිණෙන බවත්, එමඟින් ඔවුන් පැමිණෙන ප්‍රදේශවලටද කොරෝනා වසංගතය ව්‍යාප්ත විය හැකි බවද දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

මෙම වරායන්වලට දිනකට පුද්ගලයින් 3000-4000ක් අතර පිරිසක් පැමිණෙන බව පවසන මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ මෙම වරායන්වල කටයුතු දින 02කට නවතා දමන ලෙසත්, එම වරායන්වල PCR පරික්ෂණයන් සිදු කරන ලෙසත්ය.

එම වරායන් පිහිටි ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් යුතු කමිටුවක් සදා එමඟින් මෙම වරායන් තුළ පැමිණෙන පිරිස පාලනය කරන ලෙසත්, මහා පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් විශේෂ අධීක්ෂණය යටතේ පමණක් සිය කටයුතු කරගෙන යාමට කටයුුුුතු සලසවන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ කළ කතාව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2020 14:03