April 26, 2024

අවදානම් දිස්ත්‍රික්කවලින් පිටට වෛරසය ව්‍යාප්ත නොවීම සඳහා මායිම් ගැන බැරෑරුම් තීරණයක් ගත යුතුයි - GMOA

මේ වනවිට ප්‍රධාන වශයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින්  පවතින දිස්ත්‍රික්ක පහේ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාම ඉක්මනින් දැඩි තීරණයක් ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි. 

"මේ වෙනකොට වෛරසය ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ දිස්ත්‍රික්ක 5කට. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල. මේ දිස්ත්‍රික්කවලින් අනිත් දිස්ත්‍රික්කවලට රෝගීන් සම්ප්‍රේෂණය වීමේ අවදානම තියෙනවා. ඒ හින්දා අපි කියන්නෙ රට වෙනුවෙන් - අර ප්‍රදේශ හුදෙකලා කිරීම පහුගිය සතියෙ ඉඳන් කිව්වා, ඒක දැන් සිද්ධ වෙමින් තියෙනවා - එතනින් එහාට ගිහින් අඩුම ගාණෙ මේ අවදානම් සහිත දිස්ත්‍රික්කවලින් අනිත් දිස්ත්‍රික්ක වලට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතගැකි හොඳම තීරණ ගන්න. 

විශෙෂයෙන් අවදානම් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් දැන්  බැරෑරුම් තීරණයක් ගන්න කියන එක අපි ඊයෙ දවස තුළ ජනාධිපති කාර්යසාධක බලකායටත් යෝජනා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් යෝජනා කළා. ඒනිසා අපි බලාපොරොත්තු වෙනවා තවත් කල් නොයවා මේ අවදානම රට පුරා ව්‍යාප්ත වෙන එක වළක්වාගන්න මේකෙන්. එහෙම නැත්නම් පෑලියගොඩ වගේ පොකුරු රටපුරා වාර්තා වෙන්නත් පුලුවන් අවදානමක් තියෙනවා. ඒ නිසා මේ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගන්න කියලා අපි ඉල්ලනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)

Related items