April 26, 2024

මම මුල් වූ 19ට එරෙහිව මට ජන්දය දෙන්න බැහැ - හිටපු ජනපති පමණක් ජන්දය දීමෙන් වලකී

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය විමසීමේදී ජන්දය භාවිත නොකළ එකම මන්ත්‍රීවරයා වන්නේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් කතානායකවරයා හැරුණු කොට ඉතිරි වන්නේ 224ක් වන අතර මේ වන තුරුත් එක්සත් ජාතික පක්ෂය හා අපේ ජනබල පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර නොමැති බැවින් වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරු 222 පමණි.

ඒ අතුරින් 20 වන සංශෝධනයට පක්ෂව 156කුත්, විපක්ෂව 65කුත් ජන්දය පාවිච්චි කල අතර ජන්දය දීමෙන් වැළකුණු එකම මන්ත්‍රීවරයා වුයේ සිරිසේන මහතාය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු තිබුනත් තමා ද අද ඊට එකඟ නොවූවත් එය තමාගේ මුලිකත්වයෙන් සිදු වූ නිසා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන සංශෝධනයට තමාට ජන්දය දිය නොහැකි බව දන්වමින් හිටපු ජනපතිවරයා වත්මන් ජනපතිවරයාට ලිපියක් ද යවා තිබිණි.

ඒ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය විමසීමට පෙරය.

Rate this item
(4 votes)