April 27, 2024

ජන්දෙ කාලෙදී පවිත්‍රා මගෙත් එක්ක වටේ ගියේ නැහැ

මහ මැතිවරණ ව්‍යාපාරය තුල තමා මුඛ ආවරණ පැලදුවාද නැද්ද යන්න පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දන්නේ කෙසේ දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

ඒ මහ මැතිවරණ සමය කොවිඩ් 19 ආසාදිත තත්වයෙන් මිදී තිබුණු බැවින් සජිත් ප්‍රේමදාස මහතා ද එම මැතිවරණ ව්‍යාපාරය මුඛ ආවරණ නොපැළඳ කරගෙන ගිය බවට සෞඛ්‍ය ඇමතිවරිය කල ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

තමන් මැතිවරණ ව්‍යාපාරයේදී මුහුණු ආවරණ පැලදුවාද නැද්ද යන්න දැනගන්න පවිත්‍රා වන්නිආරච්චි මහත්මියව තමා වටේ අරගෙන නොගිය බවද එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

Rate this item
(2 votes)