April 27, 2024

11 වියැති දරුවෙකුට අතවර කළ වියපත් නීතීඥයා රිමාන්ඩ්

11 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළැයි චෝදනා ලැබූ 68 හැවිරිදි නීතීඥවරයෙකු මීගහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වී තිබේ.

අදාළ සැකකරු ගම්පහ වැඩබලන මහෙස්‌ත්‍රාත් පාලිත සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිඥවරයකු වීම ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණක්‌ නොවන බවත් නීතිය කාටත් එක හා සමාන විය යුතු බවත් සඳහන් කළ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු ලබන 01වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරනු ලැබීය.

මීගහවත්ත පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහර අධිකරණයේ වෘත්තියේ යෙදෙන නීතිඥවරයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ නීතිඥ බර්නි අල්විස්‌ මහත්මිය ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Rate this item
(0 votes)