February 05, 2025

පන්සල බලන්න එන්න කියා විදෙස් කාන්තාවකට චීවරධාරියෙකු කළ දේ

බදුල්ල දුන්හිඳ දිය ඇල්ල ප්‍රදේශයේදී චීවරධාරී හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල පොලීසිය පවසන්නේ ඕලන්ද ජාතික කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි ලද පැමිණිල්ලකට අනුව මෙම චීවරධාරීයා අත්අඩංගුවට ගත් බවයි. 

52 හැවිරිදි ඕලන්ද ජාතික කාන්තාව පසුගිය 01 වන දා දුන්හිඳ දියඇල්ල නැරඹීමට යන අතරතුරදී මෙම හිමිනම පිරිත් නූලක් ගැටගැසීමෙන් අනතුරුව පන්සල දැකබලා ගැනීමට ආරාධනා කර තිබෙන බව වාර්තා වනවා.

පසුව ඇයට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට ඇය කල පැමිණිල්ලේ සදහන්.

මෙම හිමිනම දුන්හිඳ දියඇල්ල නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ට පිරිත් නූල් ගැටගැසීම පුරුද්දක් ලෙස සිදුකරන බවද කරන ලද විමර්ශණ වලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළා. 

ලද පැමිණිල්ලට අනුව හිමිනම දුන්හිඳ දියඇල්ල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බදුල්ල - ජයලත් දිසානායක

 

 

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449