May 06, 2024

ඉන්ධන බෙදා හැරීම ගැන නව මාර්ගෝපදේශ මාලාවක්

ඉන්ධන බෙදා හැරීම ගැන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (01) පස්වරුවේ දී  ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය මගින් දැනට සිදු කරන සියයට 40ක් වන ඉන්ධන ප්‍රවාහන කටයුතු තවදුරටත් පුළුල් කරන බවයි.

1. දුම්රිය මගින් දැනට සිදු කරන 40%ක පමණ ප්‍රවාහන කටයුතු තවත් පුළුල් කිරීම සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය සිදු කිරීම මගින් ඩිපෝ වෙනුවෙන් අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම. මෙමගින් විශාල ප්‍රවාහන වියදමක් අඩු කර ගත හැක. මෙය ස්ථිර විසදුමක්ද වනු ඇත.

2. මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකිවූ නව රථ සඳහා CPSTL ආයතනයේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිළධාරී මණ්ඩලයක් යෙදවීම සහ අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුල නව බලපත්‍ර ලබා දීම.

3. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බව්සර් රථ වෙනුවෙන් වෙනම තෙල් බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබා දීම.

4. ඉදිරි දින දෙක තුල සේවයට වාර්තා නොකරන රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයන්ගේ රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීම.

5. රජය සතු බව්සර් වැඩි වශයෙන් ධාවනය කරවීම සහ පැමිණෙන පෞද්ගලික රථ සඳහා ස්ථිර මිල සුත්‍රයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම.

6. අවශ්‍ය ඉන්ධන තොග ප්‍රවාහනයට පැය 24ම පර්යන්ත ක්‍රියාත්මක කිරීම.

Rate this item
(0 votes)