April 27, 2024

වැසිකිලි ව්‍යාපෘතිය හබක්! කෝටියකට අධික මුදලකට වෙච්ච දෙයක් නෑ

දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා වැසිකිළි ඉදි කරගැනීමට රුපියල් 17,152,000ක මුදලක් වියදම් කර තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ ඉන් සම්පුර්ණ වැසිකිළි ඉදිකර අවසන්කොට තිබි ඇත්තේ ප්‍රතිලාභින් 27 දෙනෙකු පමණක් බවයි.  

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් 2020 වර්ෂයේ දි දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා මෙම මුදල් වෙන් කර තිබෙනවා.

ප්‍රතිලාභ පවුල් 206කට පමණයි

ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන සදහා මෙම වැසිකිළි ව්‍යාපෘතිය වෙනුවෙන් 2020 වර්ෂයේ දී රුපියල් 17,152,000ක මුදලක් වියදම් කොට තිබුණා.

එහෙත් ඉන් ප්‍රතිලාභ ලැබි ඇත්තේ පවුල් 206 දෙනෙකු සදහා පමණක් බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම 2019 වර්ෂයේ දී වැසිකිළි පහසුකම් නොමැති පවුල් 493ක් සඳහා රුපියල් 7,888,000ක මුදලක් ලබාදී තිබුනද, වැසිකිළි ඉදිකිරිම් වැඩ අවසන් කොට තිබුණේ එක් ප්‍රතිලාභියෙක් පමණක් බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

අපේක්ෂිත ප්‍රථිපල ඉටුවී නෑ

මේ අනුව මෙකී ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභින් සදහා ගෙවා ඇති මුදලින් අපේක්ෂිත ප්‍රථිපල ඉටුවි නොමැති බවද විගණන කාර්යාලය ප්‍රකාශ කරනවා.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් ඒකක 11,246ක සංඛ්‍යාවකින් පවුල් 600ක් සදහා වැසිකිළි ඉදිකිරිම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය අරම්භ කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලැබි ඇත්තේ 2019.05.24 දින වන අතර 2019 වර්ෂයේ ජුනි මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව මේ පිළිබද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සදහන් කර තිබෙනවා.

ග්‍රාමිය වැසිකිළි ඉදිකිරීම සදහා අනුමත වු රුපියල් මිලියන 28ක මුදලින් ප්‍රතිලාභින් 700 දෙනෙකු සඳහා අයදුම්පත් නිකුත්කළ බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

රටේ පැවති මැතිවරණ වාතාවරණය නිසා මැතිවරණ කොමසාරිස්ගේ 2019.09.28 වැනිදින දිනැති ලිපිය මගින් තාවකාලිකව ව්‍යාපෘතිය නතර තරන ලෙස දැනුම් දීම නිසා අදාල ප්‍රගතිය ලඟා කරගැනිමට නොහැකිවු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා සදහන් කර තිබෙනවා.

 

Rate this item
(0 votes)