April 27, 2024

මාළුත් ගිනි ගණන්! කිලෝව 2000ත් පනී

පවතින ඉන්ධන හිඟය ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් උතුරු පාලතේ මුහුදු මාලු මිල ගණන් මේ දිනවල සීඝ්‍රයෙන් ඉහල යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය මුහුදු ප්‍රදේශයන්හි මසුන් ඇල්ලීම දෛනිකව සිදුකෙරුනද පසුගිය දින කිහිපය තුලදී ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් ධීවරයින්ට මසුන් ඇල්ලීම සඳහා මුහුදු යාමට නොහැකිවීම මත මාලු මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම මේ වන විට ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහලයාමත් සමග මුහුදු ගමන් යන ධීවරයින්ට ඉන්ධන මිලදී ගැනීමට අධික මිලක් වැයවීම හේතුවෙන් මාලු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයිද ධීවර සංගම් විසින් පෙන්වා දෙනවා.

ඒ අනුව තෝරා, කෙලවල්ලා, බලයා, ගල්මාලු, කිරි මෝරු ආදි කුට්ටි මාලු කිලෝව රුපියල් 2000 සීමාවට අලෙවි කිරීමට සිදුව ඇති අතරම ඉස්සන් හා කකුලුවන් කිලෝව රුපියල් 1600 ත් 1800 ත් මිල ගණණ්වලට අලෙවි කිරීමට සිදුව ඇතැයිද මත්ස්‍ය වෙළෙන්ඳන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉහත මසුන් කිලෝව මීට පෙර කිලෝව රුපියල් 700 සිට දහස දක්වා වූ මිල ගණනකට කිලෝවක් අලෙවි වූ අතර මෙලෙස දෙගුණයකින් මිල වැඩිවීම දරාගත නොහැකි බවටද උතුරේ පාරිභෝගික ජනතාව පවසනවා.

Rate this item
(1 Vote)