April 28, 2024

පුද්ගලික බස් හිමියන් ගැමුණුට පිටුපායි! Featured

අද දිනයේ ආණ්ඩුවට විරෝධය පා අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස් ‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ වෘත්තීය අරගලයක් සංවිධාන කර තිබෙනවා.

ඒ අතර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ වැඩ වර්ජනයට ඔවුන් එක් නොවන බවයි.

නමුත් ඒෂියන් මිරර් අද දිනයේ එම වැඩ වර්ජනය පිළිබඳ කළ සොයා බැලීමකදී වාර්තා වුණේ කොළඹ සහ කොළඹින් පිට ප්‍රධාන නගර ඇතුළු බොහෝ ප්‍රදේශ වල පුද්ගලික බස් රථද වැඩවර්ජනයට එක්ව ඇති බවයි.

ඒ අනුව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කි කතාව පුස්සක් වී ඇති බව අපට පෙනී ගොස් තිබෙනවා.

මේ වන විට පෞද්ගලික බස් වර්ජනයට එක්වෙමින් වැඩ වර්ජනයට සහයෝගය දක්වා තිබෙනවා.

කොළඹ අවට බස් සීමිත සංඛ්‍යාවක් ධාවනය වන බව පෙනුණද ප්‍රධාන වශයෙන් මාර්ග වල පුද්ගලික බස් ධාවනය අඩාල වී තිබෙනවා.

නමුත් ප්‍රදේශ ගණනාවකම වාර්තා වූයේ ලංගම බස් රථ ධාවනයට එක් කර තිබුණද මගීන් ප්‍රමාණවත් පරිදි නොසිටි බවයි.

ඇතැම් ප්‍රදේශවල ලංගම බස් රථ නැවතුම් පොළවල් වලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණු බවද අප වාර්තාකරුවන් සඳහන් කළා.

Rate this item
(0 votes)