January 17, 2025

කොළඹ – නුවර පාරේ දැඩි රථවාහන තදබදයක්

වතුපිටිවල හා තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාප දෙකේ  දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මිනී පෙට්ටියක් ද රැගෙන අද (28)  පෙරවරුවේ නිට්ටඹුව නගරයට පැමිණ උද්ඝෝෂණයක් අරඹා තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ පිරිස කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ඇති මංතීරුව පුරා උද්ඝෝෂණයේ යෙදී සිටීම හේතුවෙන් මහනුවර දෙසට  ඇති මංතීරුව තුලින් දෙපසට වාහන ධාවනය කරන අයුරුද දැක ගන්නට ලැබූ බවයි.

මේ හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද දැක ගන්නට ලැබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449