January 17, 2025

ඉවත් වූ ඇමතිවරු ඉවත් කළ ඇමති දෙපළ මුණ ගැහිලා

කැබිනට් ඇමති ධුර අහිමි වූ හිටපු ඇමැතිවරු සංඛ්‍යාව 16ක්.

ඔවුන්ගෙන් බහුතරය සිටින්නේ කලකිරීමෙන්.

දෙපළ මුණ ගැසීම

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එසේ කලකිරුණු හිටපු ඇමතිවරු විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්තුරුන් හමු වී තිබෙනවා.

ඉකුත් මාර්තු මාසයේ කැබිනට් ඇමැති ධූර වලින් ඉවත් කළ ඔවුන් දෙදෙන මුණගැසී ඇති හිටපු ඇමතිවරු තමන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය ප්‍රකාශ කොට තිබෙනවා.

ඉන් ඇතැමෙක් ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතු බවටද ඔවුන් දෙපළ අමතා යෝජනා කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ආණ්ඩුව දෙදරීමට මුල

ආණ්ඩුව තුළ පිපිරීමක් ආරම්භ වූයේත් වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධූරවලින් ඉවත් කිරීමෙන් පසුවයි.

කැබිනට් ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරු අතරින් එස්.එම්.චන්ද්‍රසේන මහතා මේ වන විටත් සිය අප්‍රසාදය ආණ්ඩුවට පළ කර තිබෙනවා.

ඒ හිටපු කැබිනට් ඇමතිවරු යළි ඇමති ධුර බාර නොගන්නා බවට එළඹි පොදු සම්මුතිය කඩා දමමින් ඇතමුන් කැබිනට් ඇමතිධුර ලබා ගැනීම සම්බන්ධයෙන්.

ඇමතිවරු දෙදෙනෙක්

එසේ ඇමතිධුර ලබාගත් 2දෙනෙකුට චන්ද්‍රසේන මහතා නම නොකියා චෝදනා කරනවා.

එසේ නම නොකිව්වත් එම දෙපළ ප්‍රසන්න රණතුංග හා රමේෂ් පතිරණ යන මහත්වරුන් බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(4 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449