May 06, 2024

පාස්කු සැමරුම් දේව මෙහෙයන් දැඩි ආරක්ෂාව මැද (PHOTOS)

පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට වසර 3ක් ගත වනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

එමෙන්ම කොළඹ තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.

තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ දේව මෙහෙය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද (21) උදෑසන ආරම්භ වුණා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු පුජාප්‍රසාදිවරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූවා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තෙවර්ෂ පුර්ණය නිමිත්තෙන් අද (21) උදෑසන 8.45 ට හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ සීනුව නාද කිරිමට එම දේවස්ථානයේ භාරකාර මණ්ඩලය පියවර ගෙන තිබුණා.

පාස්කු ප්‍රහාරයෙන් හැටන් ප්‍රදේශයේ මිය ගිය අයගේ ඥාතින් කිහිප දෙනෙකු මියගිය අයට පින් අනුමෝදම් කිරිම සදහා යාඥා කිරිමට එම දේවස්ථානය වෙත පැමිණ සිටි අතර, දේවස්ථානය අවට යුධ හමුදා සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව දැඩි ආරක්ෂාවක් යෙදවා තිබු බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල වූ අය සිහිකරමින් බදුල්ල උස්කොඩ් ආයතනයේදී සාර්ව ආගමික වැඩසටහනක් අද (21) පෙරවරුවේදී පැවැත්වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සියලුම ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් සහ බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර කලු කොඩියක් සහ දැල්වූ ඉටිපන්දමක් අතැතිව තම ශෝකය පලකිරීම සිදු කර තිබෙනවා.

උස්කොඩ් ආයතනයේ අධ්‍යක්ෂක ජූඩ් නිශාන්ත පියතුමන් විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබුණා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට සාධාරණය ඉටු කරන ලෙසට රජයට බල කරමින් නුවරඑලිය ප්‍රදේශයේ සිංහල , දමිල , මුස්ලිම් තරුණ තරුණියන් පිරිසක් එක්ව අද (21) නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා

විරෝධතාවයේ නියැලි තරුණ තරුණියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු වි අදට (21) වසර තුනක් ගත වි ඇතත් ඒ සදහා වින්දිතයන්ට සාධාරණය ඉටු කිරිමට මේ රටේ පාලකයන් අසමත් වි ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිය යුතු අයට දඩුවම් ලබා දිමට වත්මන් රජයේ පාලකයින්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද විරෝධතාවයේ නියැලි සිටි තරුණ තරුණියන් කියා සිටියා.

(හැටන් රන්ජිත් - රාජපක්ෂ / බදුල්ල - ජයලත් දිසානායක)

Rate this item
(0 votes)