May 07, 2024

ඇමතිකම ගැන ගීතා කියූ අමුතු හේතු ටික

නිළියක වන ගීතා කුමාරසිංහ මහත්මිය කාලයක පටන් සිටියේ මහත් කලකිරීමෙන්.

ඊට හේතු රැසක් තිබූ අතර තමන්ට යම් වගකීමක් නොපැවරීම ඉන් එක් හේතුවක් වුණා.

කනස්සල්ලට ප්‍රතිචාර

අලුතෙන් සිදු වූ කැබිනට් මණ්ඩල මාරුවත් සමග ඇයටද එම කණස්සල්ලට පිලියමක් ලෙස රාජ්‍ය අමාත්‍යධූරයක් හිමිව තිබෙනවා.

ඒ ප්‍රසාංගික කලා රාජ්‍ය අමාත්‍යධූරය.

එය ඇයගේ කලා විෂයටද අදාල වීම විශේෂත්වයක්.

සිය මතය

විදුර වික්‍රමනායක මහතා මහතා කලින් දැරූ එම රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කුමාරසිංහ මහත්මිය මාධ්‍ය හමුවක් තබමින් එම රාජ්‍ය අමාත්‍ය ධූරය ද සම්බන්ධයෙන් සිය මතය රට හමුවේ තැබුවා.

එහිදී කුමාරසිංහ මහත්මිය සිය සුපුරුදු විවෘත භාවයෙන් අදහස් දැක්වීමයි කළේ.

“මම දන්නෙ නැහැ මේ අමාත්‍යාංශය යටතේ ඒ තරම් ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියලා.සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා තමයි.”

ගැසට් පත්‍රිකාව

“අපි තවම ගැසට් කරපු විෂය පථය දැකලා නැහැ.විෂය පථය ගැසට් කළාම තමයි දන්නේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා.”

කුමාරසිංහ මහත්මිය තමන් දරන රාජ්‍ය ඇමති ධූරය ගැන අදහස් දැක්වූයේ ඒ ආකාරව්යටයි.

එහිදී ගාලු මුවදොර තරුණ තරුණියන් විසින් ජනපතිවරයා ඉවත් කරන ලෙස අරගලය ගැනත් ඇයගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කලා.

සුපුරුදු විවෘතභාවය

එහිදී ඇය සුපුරුදු විවෘත පිළිතුරම දුන්නා.

තමන් හිතන විදිහට තරුණයින් කරන අරගලය සාධාරණ බවයි ඇය සඳහන් කළේ.

ඒ ඊට හේතුද දක්වමින්.

Rate this item
(0 votes)