May 05, 2024

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (20) පැය 03යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02ක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනවා.

එමෙන්ම P, Q, R, S, T, U, V සහ W කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය දෙකක් විදුලිය කප්පාදු කෙරෙන අතර නැවතත් සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක් විදුලිය විසන්ධි කෙරෙනවා.

සම්පූර්ණ කාලසටහන මෙතැනින් බලන්න

Rate this item
(2 votes)