May 05, 2024

ගාලු මුවදොර විරෝධතාවට නිල ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියා ගැන තීන්දුවක් ගනී

ගාලු මුවදොර  පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

කුට්ටිගල පොලිස් ස්ථානය ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැත්තකු බවට හඳුනාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෙම පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථාන රැසක සේවය කරමින් සිටියදී විවිධ විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වී වැඩ තහනමට ලක්කර තිබියදී අතිශය සානුකම්පිත හේතුන් මත නැවත සේවයේ පිහිටු වූ පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සිරිපාගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී ස්ථානාධිපතිවරයාට නොදන්වා මොහු ගාලු මුවදොරට පැමිණ ඇති බවද හෙතෙම කියා සිටියා.

අරගලයට සහාය දැක්වූ පොලිස් සැරයන්, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ භාරයට ගෙන ඇති බවටද වාර්තා වනවා.

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝ්ධතාවය අතර නිල ඇඳුමකින් සැරසී සිටි පොලිස් නිලධාරියෙකු කළ කතාවක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 April 2022 09:39