May 08, 2024

අවුරුද්දට ගෑස් නෑ! ඩොලර් නැතුව ගෑස් නැවක් හරවා යවයි Featured

මෙරටට ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ ගෑස් සහිත නෞකාවක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යවා තිබෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් වන මෙය ගෙන්වා ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසින්.

රාජ්‍ය බැංකුවකින් මෙම නෞකාව සඳහා අවශ්‍ය ණයවර ලිපියට ඩොලර් නිකුත් නොකිරීම නිසා එම නෞකාව භාර ගැනීමට නොහැකි වූ බව ලාෆ් සමාගමේ සභාපතිවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය මත අලුත් අවුරුදු සමයේ දී ලාෆ් ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)