April 28, 2024

කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙකු STF අත්අඩංගුවේ

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධානතම ගෝලයෙකු විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය රැසක් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) පස්වරුවේ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මල්ලිකා කඩේ ඉබිබාගේ වත්ත, රෙඩිබානා ඇළ, කොළඹ 15 යන ප්‍රදේශයේදීයි අදාළ වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී අත්අඩංගුවට ගත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වන හෙරොයින් ග්‍රෑම් 13ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, කේරළ ගංජා ග්‍රෑම් 22ක්, PREGA TABLETS 160ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණා.

අලුත් මාවත කොළඹ 15 හි පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 105,200ක මුදලක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට යොදා ගැනුණ ජංගම දුරකථන 03ක් ද පොලිස් භාරයට ගත්තා.

කිඹුලා ඇලේ ගුණා නමැත්තාට 1999 වසරේ කොළඹ නගර සභා පිටියේ දී පැවති මහජන රැස්වීමක දී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.

Rate this item
(0 votes)