May 03, 2024

දුම්රිය ගාස්තු වැඩි වීම ගැන ප්‍රවාහන ඇමැතිගෙන් දුම්රිය ලොක්කාට නියෝගයක්

දුම්රිය ගාස්තු වැඩි වීමක් සම්බන්දයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රවාහන අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඩීසල් හිගය හේතුවෙන් වන බලපෑම දුම්රිය ධාවනය සදහා වියදම අධික ලෙස ඉහල ගොස් තිබෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තවත් විශාල පාඩුවකට ලක් වෙමින් පවතින බවට දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද සිට වැඩි නොවන බවයි.

අවශ්‍ය තොරතුරු අමාත්‍යංශයෙන් ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබු තීරණය දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට කතා කොට තමා අත්හිටවූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ගාස්තු සංශෝධනයක් නොවන බවට ඊයේ රාත්‍රියේ සාකච්ජා කර තිබෙන අතර ඉන්පසු ලබන සදුදා හෝ අගහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි.

දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදු වුයේ ඉන්ධන ගාස්තු පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවට ප්‍රවාහන අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

Rate this item
(0 votes)