May 09, 2024

කටුගස්තොට ගිනි ගැනීම පෙම් පලහිලව්වක් (PHOTOS)

කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එකම පවුලේ පියා, දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු මිය ගිය හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය ඊයේ (24) පෙරවරු 7.00 ට පමණ සිදුව තිබෙන අතර එම පුද්ගලයන් තිදෙනාම නිවාස තුලම මිය ගොස් තිබෙනවා.

ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලද 60 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගිය 60 හැවිරිදි  ඊෂ්වරදේවන් නැමැති පියා කටුගස්තොට නගරයේ රණවන මාර්ගයේ බුලත් විට අළෙවි කරමින් ජීවිකාව ගෙන ගොස් තිබෙනවා.

31 හැවිරිදි ඊස්වරදේවන් මේනකා නැමැති ඔහුගේ දියණිය සහ ඇගේ පෙම්වතාද මරණයට පත්ව වී ඇති බවයි වාර්තා වන්නේ.

තහඩු වලින් ආවරණය කළ ඉතා කුඩා නිවසකයි මෙම පිරිස ජීවත්ව සිට තිබෙන්නේ.

ගින්න පැතිර යනු දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලැබ මියගිය තරුණියගේ පෙම්වතා නිවසට පැමිණ තම සිරුරට පෙට්‍රල් වත් කරගෙන ගිනි තබාගෙන මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට ලද තොරතුරු ඔස්සේ කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 13:58