May 02, 2024

සෞදි අරාබියේ විදේශ ඇමැති ලංකාවට - පිළිගන්න ඇමති සබ්‍රි යයි

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් එක්දින නිල සංචාරයක් සඳහා අද අලුයම 1.20ට දිවයිනට පැමිණියා.

ඔහුත් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ඒෂියන් මිරර් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද දිවයිනට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ මූල්‍ය තක්සේරුව පිළිබදව එහිදී ජනාධිපතිවරයා, දැනුවත් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා වන මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානී මසහිරෝ නොසාකි රොයිටර් පුවත් සේවයට සදහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද මෙලෙස දිවයිනට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්ථික අර්බුදයට සහාය ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාසයේ දී නිළ සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇති පසුබිමක යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 March 2022 12:07