May 02, 2024

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි Featured

"නැදුන්ගමුවේ රාජා" හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා.

අනාගත පරපුරට දැක ගැනීම සඳහා නැදුන්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසද ජනපතිවරයා දැනුම්දී තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එම හස්තිරාජයා සිටි ගම්පහ වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයට ගොස් සිටිනවා.

Rate this item
(1 Vote)