May 10, 2024

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි Featured

සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ නැදුන්ගමුවේ හස්ති රාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අද (06) පෙරවරුවේදීයි.

දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයන්ගෙන් අයෙක්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.

මිය යන විට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළා.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසුවා.

Rate this item
(0 votes)