May 03, 2024

පැරසිටමෝල්වලට උපරිම සිල්ලර මිලක්

මිලිග්‍රෑම් 500ක පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් දෙකයි ශත 30ක් බවට ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතු ව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය පසුගිය 28 වන දා සිට බල පැවැත්වෙනු ඇති.

මේ අතර, ඉදිරි සති 4න් පසු ව රට තුළ සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් හට ගත හැකි බව ශ්‍රී ලංකා ඖෂධ සංසදය පවසනවා.

එහි සභාපති ඒ.ජේ බස්නායක මහතා මාධ්‍ය හමුවක දී කියා සිටියේ, රට තුළ පවතින ඩොලර් හිඟය හමුවේ ණයවර ලිපි නිකුත් නො කිරීම හේතුවෙන් ඖෂධ ආනයනය කළ නො හැකි තත්ත්වයක් මතු ව ඇති බවයි.

මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් සහ වෙළඳසල්වල පැරසිටමෝල් ඇතුළු ඇතැම් ඖෂධ සිරප් වර්ග නොමැති තත්ත්වයක් පවතින බවට වාර්තා වනවා.

Rate this item
(1 Vote)