May 18, 2024

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි Featured

February 24, 2022

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

රෝගී තත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාත්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවිය.

ඔහු මෙරට ජනතාව අතර ‘මුල් පිටුව’ වැඩසටහන ඔස්සේ ඉතා ජනප්‍රිය වූවා.

ඒෂියන් මිරර් "සාරවිට" වැඩසටහනද මෙහෙයවූයේ බන්දුල පද්මකුමාර මහතායි.

මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට දිගුකාලීන සේවයක් කළ ඔහු ‘ගීතා‘, ‘සරසි‘ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි‘ ‘පති-පතිනි‘ වැනි සඟරා රාශියක් ද ආරම්භ කිරීමට මුල් වුණා.

එසේම, චිත්‍රපට කලාවෙහි ද නිරතවූ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාර මහතා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

ලක්බිම ඇතුළු මාධ්‍ය ආයතන රැසක ආයතන ප්‍රධානි තනතුරද හොබවනු ලැබුවා.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නැත.

Rate this item
(3 votes)
Last modified on Thursday, 24 February 2022 14:15