May 03, 2024

රාජ්‍ය ඇමති දුමින්දගේ ආයතනයකට ජනපති හදිසියේම යයි

February 18, 2022

කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සෘජුව හමු වී තොරතුරු විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබෙනවා.

එමෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කරගැනීමට ඇති හැකියාව සොයා බැලීම ද මෙහිදී සිදු වෙනවා.

අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ සොයා බැලීම මෙම චාරිකාවේ තවත් අරමුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Rate this item
(0 votes)