May 08, 2024

ඉන්ධන මිල මාසෙන් මාසයට වෙනස් වෙයි! යෝජනාව ඇමති අතට

February 15, 2022

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති ඇමැතිවරයාට යෝජනාවක් කර තිබෙනවා.

ඒ ඉන්ධන මිල සංශෝධනයන් මාසයකට වරක් හෝ මාස තුනකට වරක් සිදුකරන ලෙසයි.

ක්ෂණික මිල ඉහළ නැංවීමකදී සහ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන උච්චාවචනය වීම සැලකිල්ලට ගෙන නිශ්චිත කාල සීමාවකදී ඉන්ධන මිල සංශෝධනය කිරීම යන යෝජනා ඇමැතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේවනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 50 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් අලාභ ලබන බවයි.

ක්ෂණිකව ඉන්ධන මිල වැඩි කිරීම සඳහා මුදල් ඇමැතිවරයාගේ අවධානය යොමුකර ඊට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස බලශක්ති ඇමැතිවරයාට දැනුම් දුන් බව සභාපතිවරයා සඳහන් කළා.

ඉන්ධන මිල ඉහළ සහ පහළ යන ප්‍රවණතාවයන් අධ්‍යයනය කර ඒ අනුව යම් නිශ්චිත කාලයක් තුළ මිල, පිරිවැය සැලකිල්ලට ගෙන එය නිරූපණය වන අලෙවිකරණ මිලක් සංස්ථාවට හඳුන්වාදෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැතිවරයාට යෝජනා කර තිබෙනවා.

සංස්ථාව ලබන පාඩුව අදියර කීපයකින් හෝ පියවිය යුතුව ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 07:17