May 11, 2024

ලංකාවේ ඉන්ටර්නෙට් - දුරකතන සබඳතාත් නැතිවෙන ලකුණු! හේතුව මෙන්න

February 14, 2022

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකථන අන්තර්ජාල සම්බන්ධතාව බලපෑම් ඇති විය හැකි බව ජංගම දුරකථන සේවා සපයන ආයතන සඳහන් කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ දෝෂයක් මතුවීම හේතුවෙන්. 

මෙම ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අවශ්‍ය කෙරෙන අන්තර්ජාල සම්බන්ධතා ඒකාබද්ධ කෙරෙනවා.

මේ වන විට බෙංගාල බොක්ක අවට ජාත්‍යන්තර මුහුදු තීරයේ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකථන අන්තර්ජාල සම්බන්ධතාව බලපෑම් ඇති විය හැකියි. 

කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි තක්සේරු කළ නොහැකි බවටයි වාර්තා වන්නේ.

අදාළ ජාත්‍යන්තර සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බායි, එමෙන්ම බර්කා සහ ෆුජෛරා යන මධ්‍යස්ථාන හරහා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයනවා.

Rate this item
(0 votes)