May 07, 2024

මාරක රිය අනතුරක්! ටිපර් රථයක් දෙකට කැඩෙයි (PHOTOS) Featured

February 12, 2022

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද (12) ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා යුද හමුදා සෙබලෙකු සුළු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසනවා.

දඹුල්ල දෙසින් හබරණ දෙසට එක් ටිපර් රථයක් ධාවනය වෙමින් තිබෙන අතර අනෙක් ටිපර් රථය හබරණ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී මුහුණට මුහුණ ගැටීමෙන් එක් ටිපර් රථයක මුහුණ ගැලවී මීටර් දහයක් පමණ ඉදිරියට විසි වී ඇතැයි පොලීසිය සඳහන් කළා.

අනතුරෙන් ටිපර් රථ දෙකටම බරපතල හානි සිදු වී තිබෙන බවත් පැය කිහිපයක් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පසුව ටිපර් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමත් සමඟ ගමනා ගමනයට මාර්ගය විවෘත වූ බවයි හබරණ පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ ටිපර් රථ දෙකේ රියදුරන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

එක ටිපර් රථයක නිවාඩු අවසන්ව නැවත කඳවුරට ගමන් කරමින් සිටි යුද හමුදා සෙබලෙකු සිටි බවත් ඔහු සුළු තුවාල ලබා ප්‍රතිකාර නොලබා යුධ හමුදා කඳවුරට වාර්තා කිරීම සඳහා ගිය බවත් පොලිසිය සඳහන් කරනවා.

අනතුරට හේතුව හබරණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථ රියදුරුට නින්ද යෑම බව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී හෙළි වී තිබෙනවා.

මෙම අනතුරෙන් ටිපර් රථ දෙකටම බරපතල හානි සිදුවී අනතුර සිදු වූ ආකාරයය පවා සොයා ගැනීමට නොහැකිව සුන්බුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)