May 02, 2024

එක්නැලිගොඩගේ බිරිඳ තීන්දුවක් ගනී

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී වසර 12 ක් ගත වී තිබෙනවා.

ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුන බව අප වාර්තාකරු සඳහන් කළා.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදු වූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදායි.

Rate this item
(0 votes)