May 03, 2024

සභාපති ඉවත් කරන්න බැරි ආණ්ඩුවක් වැඩක් නැහැ - ප්‍රසිද්ධ හිමි නම කියයි

December 21, 2021

ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඉවත්කර ගන්න බැරි නම් මොකටද මෙහෙම ආණ්ඩුවක් යැයි සිංහල රාවය සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අක්මිමන දයාරතන හිමියන් පැවසුවා.

සිංහල රාවය සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ජන සභාවට එක්වෙමින් දයාරතන හිමියන් මේ බව සදහන් කළා.

බද්දේගම නගර ශාලාවේ පැවති මෙකි රැස්විමේ දී තවදුරටත් අදහස් දක්වමින් දයාරතන හිමියන් මෙසේද සඳහන් කළා,

"අද ජාතියත් ඉවරයි. සම්බුද්ධ ශාසනයත් ඉවරයි. ජිවත්ව තිබු රටත් ඉවරයි. කන්න බොන්න නැහැ. අදින්න පළදින්න නැහැ. ගෑස් එකක් ගෙනවිත් උයාගන්න විදියක් නැහැ. ගෑස් ටැංකි පුපුරණවා. රට අකර්ම්‍ය රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. සියලුම බලාපොරොත්තු සුනු විසුනු වෙලා ලප් තැනම ලොප් කරපු රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. කවුරුවත් බලාපොරොත්තු වු දෙයක් නෙවෙයි සිදුවුනේ. ආණ්ඩුවේ එකමුතුභාවයක් නැහැ. එක එක අය එක එක මතවාද ප්‍රකාශ කරනවා. ආණ්ඩුවට කොන්දක් තිබුනා නම් ගෑස් සිලින්ඩර පුපුරණ විට ගෑස් සමාගම්වල අයිතිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න තිබුනා. නමුත් නිතිය ක්‍රියාත්මක වුනේ නැහැ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අයින් කරන්න තරම් මේ ආණ්ඩුවට කොන්දක් නැහැ. මේ ඔක්කොම එකතුවෙලා විශාල ජාවාරමක් කරලා තියෙනවා කියලා අපිට හිතෙනවා. ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඉවත්කර ගන්න බැරි නම් මොකටද මෙහෙම ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ගෙදර යායුතුයි මේ වනවිට. ආණ්ඩුව ඇතුලේ සාමුහික තින්දු ගන්න හැකියාවක් නැහැ. කිසිම අරමුණක්, දැක්මක්, වැඩපිළවෙළක්, ගමනක් නැති ජනතාව ඉබාගාතේ දමලා විනාශ කරන රටක් ආණ්ඩුවක් තමයි තියෙන්නේ."

"පසුගිය ආණ්ඩුව කරපු සම්පත් විකිණිම නතරකරන්න රට ආරක්ෂා කිරිමට තමයි මේ ආණ්ඩුව පත්කරගත්තේ. ඒ අය නම් කියලා විකුණුවේ. මේ අය නොකියාම විකුණනවා. දැන් ගෙදරවත් ඉන්න නැහැ ගෑස් ටැංකියත් පුපුරනවා. පෝලිම් යුගයක් තියෙන්නේ කිරිපිටි ටික ගන්න පෝලිම්වල ඉන්න වෙලා. වසර 73ක් දෙගොල්ලන්ම එකතුවෙලා  හොරාකාපු  එක තමයි කළේ. රට ප්‍රපාතයට පත්වෙලා තියෙනවා රටේ කෑල්ලෙන් කැල්ල විකුණනවා. ජේ.ආර් ගෙන් පස්සේ  විකිණිම පටන් ගත්තා අදටත් විකුණනවා. අපිට හොරොන් අපි විකුණන අමුතු රටක් මේක. රට වෙනස් කරන්න ඕන. වෙනත් මාවතකට ගන්න ඕන. ඒ හොරු මේ හොරු රකිනවා. ජනතාව ඉල්ලන්නේ අලුත් බලවේගයක්." යැයි අක්මිමන දයාරතන  හිමියන් වැඩිදුරටත් සදහන් කළා.

(ලලිත් චාමින්ද)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:47