May 20, 2024

අහසට වෙඩි තබා ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි (VIDEO)

December 11, 2021

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා පළාගොස් තිබෙනවා.

සම්පූර්ණ මුහුණු ආවරණ වන ෆුල් ෆේස් හෙල්මට් පැළඳ පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේවන විට පොලිසිය අදාළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අවට සී.සී.ටී.වී දර්ශන ද මේ වනවිටත් පරීක්ෂා කර ඇති අතර, රුපියල් ලක්ෂ 25 ක පමණ ස්වර්ණාභරණ ඔහු මෙහිදී කොල්ලකා තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද අදාළ ස්වර්ණාභරණ අලෙවිසැලට පැමිණ විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද පස්වරු 2.50ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇතැයි සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 December 2021 21:42