May 06, 2024

ජල සැපයුමත් නවතියි!

December 03, 2021

කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

විදුලි බිඳවැටීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇති බව යි වාර්තා වන්නේ.‍

විදුලි බලය නොමැති වීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව සඳහන්.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ පෙරේරා මහතා ද මේ බව මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.

විදුලි බිඳවැටුම

දිවයිනටම බලපාන පරිදි විදුලි බිඳවැටීමක් අද (03) සිදු වුණා.

මේවන විට එය යථා තත්ත්වයට පත් කරමින් පවතින බව යි විදුලිබල අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව මේවන විටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථාවත් වී ඇති බව ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන් තහවුරු කළා.

මේ අතර සමස්ථ රටටම බලපාන ලෙස සිදු වූ මෙම විදුලි බිඳවැටුමට හේතුව පිළිබඳ විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අනාවරණයක් සිදු කොට තිබෙනවා.

ඔහු පවසන්නේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝශයක් නිසා මෙම බිඳවැටුම සිදු වූ බව යි.

මේ අතර වැඩිදුර මාධය වාර්තා සඳහන් කරන්නේ විදුලිය බිඳවැටීමත් සමග ජල විදුලි බලාගාරවලට විදුලි උත්පාදන කටයුතු ද ස්වංක්‍රීයව නතර වී ඇති බව යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 16:39