May 03, 2024

ලක්ෂ 03ක් රට රැකියාවට යවන්න රජයෙන් සැලසුමක්! ප්‍රමාදවීම් නෑ..විදෙස් ගමන් කඩිනම් කරයි

November 27, 2021

ලබන වසරේදී මෙරට ශ්‍රමිකයින් ලක්‍ෂ 3 ක් විදේශ රැකියා සදහා පිටත්කර යැවීමට සැලසුම් සකස් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාල සීමාවේ විදේශ රැකියා සදහා පිටත්වීමේ අඩුවක් පැවතියද මේ වනවිට ක්‍රමයෙන් විදේශ රැකියා සදහා පිටත්වන පිරිස වැඩි වී ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසුවේ.

ඒ අනුව තුන් අවුරුදු විශේෂ සැලැස්මක් සකස් කර ඇති බවත් විදේශ රැකියා සඳහා පිටත් වීමට අවශ්‍ය පහසුකම් ඉතා කඩනමින් සකස් කර දීමටත්, විදේශ රැකියා ගමන සම්පූර්ණ සුරක්ෂිතභාවයකින් අවශ්‍ය විධිවිධාන මේවන විට සකස් කරමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නා.

Rate this item
(2 votes)