April 27, 2024

වාහන සිහිනය සැබෑ කරන්න ජනපතිගෙන් පෙරළිකාර තීන්දුවක්

November 26, 2021

මෙරටට වාහන ආනයනය කිරීම මේවන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ මෙරට තුළ පවතින ඩොලර් හිගය බව පැහැදිලිව රජය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට සිහින මවන මෙරට ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලාපොරොත්තුවක් ලබාදී තිබුණා.

ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කල්‍යාණී රන් පිවිසුම නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (24) එක් වෙමිනි.

"අපිට ගල් අගුරු නැහැ, අපිට තෙල් නැහැ. අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා. අපිට 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට. අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඕනෙ." යැයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.

Rate this item
(4 votes)

Related items