May 19, 2024

FIFA සභාපති දිවයිනට

November 19, 2021
ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ (Giovani Infantino) මහතා අද(19) දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.
සභාපතිවරයා සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළා.
අද උදෑසන 08.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කිව්.ඊ.- 574 දරන ග්ලෝබල් බොම්බැඩියර් - 5000 වර්ගයේ පෞද්ගලික ජෙට් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසූවේ.
අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස ද  සහභාගී වීමට නියමිතය.
හෙට (20) මෙම සභාපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යාමට නියමිතය.
Rate this item
(0 votes)