අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක පරිදියි.
ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර තිබෙනවා.
ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර තිබෙනවා.
විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතිනක හා නෛතික රාමුව මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මෙමගින් සංශෝධනය කර ඇතැයි සඳහන්.
එම ගැසට් නිවේදනය පහතින්,