May 11, 2024

කාසල්රී ජලාශය අසළ අභිරහසක්

November 17, 2021

නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මල සිරුර කාසල්රි ජලාශයේ තිබි අද (17) ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

මෙසේ ගොඩගනු ලැබුවේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේ පදිංචිව සිටි සරත් කුමාරන් නැමති 20 හැවිරිදි තරුණයෙකුගේ සිරුරයි.

කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනෑමට ගිය පිරිසක් ජලාශය අසල අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් ඇති බවට නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබුණා.

අතුරුදහන් වු තරුණයාගේ ඥාතින් විසින් තරුණයාගේ ජංගම දුරකථනය සහ පාවහන් යුවල හදුනා ගැනීමෙන් අනතුරුව කාසල්රි ජලාශයේ ධීවරයන්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ජලාශයේ මෙහෙයුමක් දියත් කල අවස්ථාවේ තරුණයාගේ සිරුර ජලාශයේ තිබී ගොඩගෙන තිබුණා.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

Rate this item
(0 votes)