සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට එන අවස්ථාවේදී මාර්ග බාධක 21ක් පසු කල බව සඳහන් කරනවා.
එම මාර්ග බාධක 21න් 10ක තමන්ව නතර කර පරික්ෂා කළ බවද පැවසුවා.
අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවය වැලැක්වීම සඳහා මෙලෙස උත්සාහ ගන්නා බවද ඔහු සඳහන් කරනවා.
මේ සමඟම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ද ඇති වුණා.