April 28, 2024

අවාසනාවන්ත සිදුවීමක්

November 11, 2021

විදුලි බල මන්ඩලයේ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් පිරිසක් අනාරක්ෂිත ලෙස කපා දැමූ පොල් ගසක් පාරේ ගමන් ගත් යතුරුපැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා මිය ගොස් දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය පවසනවා.

අවාසනාවන්ත ලෙස මෙලෙස මිය ගොස් ඇත්තේ නල්ලමුදාව, ඇඳගල බී. ඒ ගුණරත්න (70) නැමැති සය දරු පියෙක්. ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමිකයෙක්.

ගොවි නියාමකවරියක් වන කලත්තෑව කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි බී.ඒ තක්ෂිලා නැමැති මියගිය අයගේ දියණිය බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

කලැත්තෑව නෙළුන්කන්නිය මාර්ගයේ තරියන්කුලම මංසන්ධිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

Rate this item
(0 votes)