May 19, 2024

ඉන්දීය ගුවන් යානා නොඑයි - පොහොර බලාපොරොත්තුවත් සුන්?

November 02, 2021

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් රැගෙන , ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 04 ක් අද (02) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූණ ද , එම ගුවන් යානා අද (02) නොපැමිණෙන බව තමන් වෙත දන්වා ඇතැයි කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

මෙම නයිට්‍රජන් පොහොර තොගය ඊයේ (01) දින සිටම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන බවට , තොරතුරු ප්‍රචාරය වෙමින් තිබුණා.

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ඉන්දීය ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ පැවසුවේ, මුහුදු මගින් පොහොර ගෙන්වීමේදී සිදුවන ප්‍රමාදය නිසා ඉන්දීය ගුවන් හමුදාව සමග සාකච්ඡා කර ගුවන් මගින් පොහොර ගෙන්වීමට කටයුතු කරන බවයි.

තව ද සතියක් ඇතුළත ලංකාවේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතට නැනෝ නයිට්‍රජන් පොහොර පිටත් කර හැර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(1 Vote)