May 19, 2024

නැනෝ පොහොර ගෙන්වීම ඉන්දීය ගුවන් හමුදාව යටතට - යානා 4ක් ලංකාවට එයි

November 02, 2021

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද පස්වරුවේ මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව එම පොහොර තොගය ඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් අද පස්වරුවේදී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ඉන්දීය ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ පැවසුවේ, මුහුදු මගින් පොහොර ගෙන්වීමේදී සිදුවන ප්‍රමාදය නිසා ඉන්දීය ගුවන් හමුදාව සමග සාකච්ඡා කර ගුවන් මගින් පොහොර ගෙන්වීමට කටයුතු කරන බවයි.

තව ද සතියක් ඇතුළත ලංකාවේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතට නැනෝ නයිට්‍රජන් පොහොර පිටත් කර හැර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 November 2021 12:23