May 08, 2024

වැලි බෙදා හැරීම මහින්ද අලුත් තැනකට පවරයි

මෙරට වැලි බෙදා හැරීමේ අයිතිය පිළිබඳව පරිසර අමාත්‍යංශය නව තීරණයකට එළැඹෙන තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ සිට මෙරට වැලිබෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදුකිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.

වැලිතොටුපොළ අයිතිකරුවන් සහ ටිපර් රථ රියදුරන් සමඟ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ අතරමැදියන් හරහා වැලි බෙදාහැරීමේ දී සිදුවන වංචාවන්, ගසාකෑම්, මිලදී ගැනීම් නැවැත්වීමේ අරමුණින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 11:40