May 19, 2024

කෝපයට පත් ගොවියෝ කෘෂිකර්ම ඇමතිට තණකොළ කවයි

රසායනික හෝ වෙනත් පොහොර නොලැබීම හේතුවෙන් තම වගා කටයුතු කරගෙන යාමට නොහැකි බව පවසමින් හලාවත - සිප්පිකලාන ගම්මානයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

අද (18) උදෑසන සිප්පිකලාන ගම්මානයේ ගොවි බිමක මෙම විරෝධතාවය පැවැත්වුණා.

දැදුරුඔය දෑලේ පිහිටි ගම්මාන රැසක ප්‍රධානතම ජීවෝනෝපාය වී ඇත්තේ කීර වගාව බවත්,පොහොර නොමැති කම හේතුවෙන් වගා කටයුතු කරගෙන යාමට නොහැකි බවත් විරෝධතාවයට එක්ව සිටි ගොවීන් පැවසුවා.

මෙම ප්‍රදේශයේ වගා කරන කීර කිලෝ ග්‍රෑම් 15,000 ක් පමණ දිනකට විදේශ වෙළෙඳපොළට අලවි කළ නමුත් පොහොර නොමැති කම හේතුවෙන් එම කටයුත්තද ඇණ හිට ඇති බව ඔවුන් කියා සිටියා.

මේ අතර සිප්පිකලාන ගම්මානය හරහා ගමන් කළ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක මග හරස් කළ විරෝධතා කරුවන් එම රථයේ සිටි නිලධාරීන්ට තම අපහසුතාවය ගැන කියා සිටියා.

අවසානයේදී කෘෂිකර්ම ඇමතිවරයාගේ අනුරුවකට ගිනි තැබීමටද විරෝධතාකරුවන් කටයුතු කළේ මෙලෙසයි,

(ජූඩ් සමන්ත - පුත්තලම)

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 00:44

Related items