දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා, විදේශ ගත වීම සදහා ඊයේ (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින පරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුණා.
ඒ මහතා කොරෝනා මර්දන එන්නත් ලබාගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා වන අතර ඒ නිසා ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමටද සිදුවුණා.
ඔහු මෙම සමුළුවට සහභාගී වීම සදහා ඊයේ රාත්‍රී 08.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සඳහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
අනිල් ජාසිංහ මහතා එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට, තම නිවස තුළ සොයා බැලුවද, එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බවද වෛද්‍යවරයා විසින් පවසා සිටියා.
ඒ නිසා අදාළ කාඩ්පතේ ජායා පිටපතක්, ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කිරීමටද ලේකම්වරයාට සිදුවුණා.
මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට ඇතුළු කර ගැනීම අනිවාර්ය අංගයක් බවටද මේ වන විට පත්ව තිබෙනවා.
(ටී.කේ.ජී.කපිල - කටුනායක)