May 03, 2024

විමල්ගේ කැරළිකාර පිලට මහින්දගෙන් කැඳවීමක්! තීන්දුවක් ගන්න සූදානම්

September 22, 2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් අද (22) දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අගමැති හමුව මැතිසබේදී

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන්ට ඊයේ (21) දැනුම් දී තිබුණා.

වත්මන් දේශපාලන තත්වය සහ යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

හවුල්කාර පක්ෂවල විරෝධය

යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් දැනටමත් විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂවල නායකයින් පිරිසක් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා ඊයේ හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.

මහින්ද හමුවෙන්න සාකච්ඡා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුද සහභාගි වී ඇතැයි වාර්තා වනවා. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 10:43