May 03, 2024

හිටපු ජනපතිනිය නිහඬතාවය බිඳී! විමුක්ති ගැන සැර කතාවක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ අභාවපාත්‍ර විශිෂ්ඨ රංගන ශිල්පි විජය කුමාරතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනය පිවිසෙන බවට වන සියලු පුවත් අසත්‍ය බවට වාර්තා වෙනවා.

මේ පිළිබඳව හිටපු ජනපතිනිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ විමුක්ති කුමාරතුංග දේශපාලනයට නොපැමිණෙන බවයි. 

පසුගිය සමය පුරාවට විමුක්ති කුමාරතුංග නව දේශපාලන පක්ෂයකින් මෙරට දේශපාලනයට පිවිසෙන බවට රාවයක් පැතිර ගිය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලයින් කිහිප දෙනෙකුද මේ බව ඉඟි පළ කර තිබුණා.

විමුක්ති කුමාරතුංගගේ දේශපාලන ගමන පිළිබඳව හිටපු ජනපතිනිය තැබූ ෆේස්බුක් සටහන පහතින්,

මාධ්‍ය නිවේදනයයි

විමුක්ති  කුමාරතුංග  දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධවයි.

විමුක්ති  කුමාරතුංග  ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන අතර එය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප  කරමි.

ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් මට ද නොමැත.

ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළහැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව ද පවසනු කැමැත්තෙමි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් සියලු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙයට

හිතවත්

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Rate this item
(5 votes)
Last modified on Sunday, 08 August 2021 15:24