May 10, 2024

"පොහොට්ටු එන්නත එපා - සජබ එන්නතක් දෙන්න" - හසලක ගම්වාසීන් පිරිසක් අමුතු කතාවක

දිවයින පුරා මේවන විට කොවිඩ් මර්ධන එන්නත්කරණය කඩිනමින් ක්‍රියාත්මකව පවතිනවා.

එයට සමගාමීව හසලක ප්‍රදේශයේ පසුගිය දී පැවැති එන්නත්කරණ වැඩසටහනක් ආශ්‍රිතව අපූරු පුවතක් වාර්තා වූවා.

හසලක හා අවට ගම්මානවල වයස අවුරුදු 30ට වැඩි අති විශාල පිරිසක් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට උනන්දුවක් දැක්වූ නමුත් ඇතැම් ගම්මානවල පුද්ගලයින් සුළු පිරිසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් නිවසේ රැඳී සිට ඇති බව සඳහන්.

මෙලෙස කටයුතු කර ඇති බොහෝ පිරිස් පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් සහ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් බව යි වාර්තා වන්නේ.

පොහොට්ටු ආණ්ඩුවේ එන්නත තමන්ට අවශ්‍ය නැති බව පවසමින් ඔවුන් මෙලෙස එන්නත ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙනවා.

මෙම හේතුව සඳහන් කරමින් ඇතැමුන් පවුල් වශයෙන් එන්නත ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වූවා.

එලෙස එන්නත ලබා නොගැනීමට කටයුතු කර ඇති පුද්ගලයින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ හෝ සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ තමන් එන්නත ලබාගැනීමට කටයුතු කරන බවට යි.

Rate this item
(0 votes)